عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Chargers [Al-Adiyat] - Sinhalese translation - Rowwad Translation Center

Surah The Chargers [Al-Adiyat] Ayah 11 Location Maccah Number 100

හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,

කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,

තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.)

එවිට එමඟින් උන් දූවිලි නංවති.

කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.

නියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය.

තවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.

තවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.

එහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද?

තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නො දන්නේ) ද?

නියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය.